Lanka Net Gossip

මට තර්ජන එපා කථානායකගෙන් විමල් වීරවංශට අවවාද

Loading...

මට තර්ජන එපා කථානායකගෙන් විමල් වීරවංශට අවවාද


තමන්ට තර්ජනය නොකරන්නැයි කියමින් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (05) විමල් වීරවංශ මහතාට දැඩිව අවවාද කළේය.
වීරවංශ මන්ත්‍රීතුමා ඉඳගන්න.... නැතිනම් මට නම් කරන්න වෙනවා... මට  තර්ජනය කරන්න එපා..... යැයි කියමින් කථානායකවරයා මේ අවවාදය කළේය.
වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නිවැරදිව ගැසට් පත්‍රයේ මුද්‍රණය කළ බවට වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මුද්‍රණාලයාධිපතිවරයා සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ ලිපි සභාගත කළ අවස්ථාවේ ඇති වූ විවාදයේදී කථානායකවරයා මේ අවවාදය කරනු ලැබිය.
“මට පැහැදිලි කරන්න දෙන්න .... මේ ලිපි අපේ ප්‍රශ්න කිරීමට අදාළ නැහැ... අපට කතා කරන්න දෙන්න... ඔබතුමාත් හරියට හීන් බබා සීයා වගේනේ වැඩ කරන්නේ” යැයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
කථානායක -
මොකක්ද කිව්වේ.... වීරවංශ මන්ත්‍රීතුමා ඉඳගන්න මම ඊයේ මේ ගැන තිරණයක් දුන්නා. මම වීරවංශ මන්ත්‍රීතුමාට අවවාද කරනවා. මට තර්ජනය කරන්න එපා.... මම ඔබට අවවාද කරනවා. මේක පිළිගන්නේ නැතිනම් වෙන මාර්ග තියෙනවා. මේ පනත පාර්ලිමේන්තුවේ පිළිඅරගෙන තියෙනවා.
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
Loading...

No comments:

Powered by Blogger.