Lanka Net Gossip

‘නෙස්ටී’ක්ෂණික කෝපි පැකට්ටුවේ විෂ.

Loading...

නෙස්ලේ සමාගම විසින් පාරිභොගිකයන් වෙත මුදා හැර ඇති ‘නෙස්ටී’ නැමති ක්ෂණික කෝපි පැට්ටුවක් පිළිබඳ පාරිභෝගික අයිතීන් සැරැකීමේ ජාතික ව්‍යාපාරයේ අවධානය යොමුවී ඇත.
ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන එම ව්‍යාපාරය වැඩිදුරටත් මෙසේ පවසයි..
වකුගඩු රෝගය මෙරට ව්යාිප්තවන රෝග අතර ඉතාම භයානක රෝගයක්වී තිබේ.වකුගඩු රෝගය නිවාරණය කිරීම සදහා මෙරට දේශපාලන අධිකාරිය ඇතුලු විවිධ පාර්ශවයන් ගනු ලබන උත්සහයන් පිළිබදව සිතා බැළිමේදී පෙනීයන්නේ මෙරට වසර 33නක් පැවැති යුද්ධය නිමාකිරීමට සැළසුමිකළ ආකාරයට වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා ද සැළසුමි සෑදිය යුතු බවයි.
ඒ මක්නිසාද යත් මෙරට27000 කට වඩා වැඩි තරුණ ජීවිත යුද්ධයෙන් විනාශවූ අතර ලක්ෂ සංඛ්යාසත තවත් සිවිල් වැසියන් මියගිය අතර තවත් විශාල පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විම යුද්ධයේ කුරිරු බව ලෝකයට මනාව කියාපාන්නක් වන නිසාය.
කෙසේ වෙතත් වකුගඩු රෝගයද යුද්ධයට දෙවැනි නොවන මාරක රෝගයකි. ඒ බව වටහාගෙන අප කටයුතු කරන ආකාරයක් අපට නමි පෙනෙන්නට නැත. මක්නිසාද යත් වකුගඩු රෝගය වැළදෙන්නේ රසායනික පොහොර භාවිතා කිරීම විශේෂයෙන්ම ග්ලියිපොසේටි භාවිතය නිසාම බවට අප විසින් නිගමනයකට පැමිණ කටයුතු කිරීම නිසාය.ඒ අනුව අදාල රසායනිකය ගෙන්වනු ලබන සමාගමි මත අදාල වරද පටවා අප අත සෝදගෙන ඇත.
ඒ අනුව දැන් සමාජයේ ඇත්තේ ග්ලිපසෝටි වලට විරුද්ධ හා විරුද්ධ නොවන පාර්ශව දෙකක් පමණි. 2007 වසරේදී ජාතික රාජ්යසයක් පිහිටුවීම සිය න්යාායපත්ර.ය බවට පත්කරගත් අතුරලියේ රතන ස්වාමින් වහන්සේ දැන් කථාකරන්නේ වසවිස නැති ලංකාවක් පිළිබදවය. එය ඉතාම හොද තත්වයක් වන්නේ අපගේ ජනතාව වසවිස කන තරමට ජාතික රාජ්යළයක් පිහිටවූවද එහි ජීවත්වීමට පුරවැසියන් ආනයනය කිරීමට සිදුවනබව රතන හිමියන් වටහාගෙන ඇතිනිසාම පමණක් නොව බංකොලොත් දේශපාලනයෙන් ගොඩ ඒමට ඇති අකර්ෂණීයම මතෘකාව වන්නේ ද වසවිස නැති ලංකාවක්යන මාතෘකාව බවට හොදින් දේශපාලන නාඩි පිලිබදව අවබෝධයක් ඇති රතන හිමියන් දන්නා නිසාය. ඒ කෙසේවෙතත් සුරක්ෂිත ආහාර ලබාගැනීමට අයිතියක් පාරිභෝගිකයාට ඇති නිසා වසවිසවලින් තොර ආහාර පිළිබදව අප දිගින් දිගටම කථා කරනුයේ අද ඊයේ සිට නොවේ.
sdfsdfඅප මෙහිදී පෙන්වා දෙන්නේ වකුගඩු රෝගයට තුඩු දෙන වෙනත් පානයක් පිළිබදවය.වකුගඩු රෝගයට තුඩුදෙන තවත් හේතු සාධක රැසක් ඇති බවට සමාජය දැනුවත් කිරීමය.තවද අපට මෙතක් කළක් වකුගඩු රෝගය පැතිරෙන්නේ රසායනික පොහොරමතම බවට සාක්ෂාත් කළ පිරිසගේ ඇස් ඇරවීමටය.
නෙස්ලේ සමාගම විසින් නෙස් ටී නමින් තේ පැකැටිටුවක් මේ වනවිට අලෙවි කරමින් සිටි. අදාල නෙස්ටී නිෂ්පාදයසදහා trisodiumphosphate නමි රසායනිකය අනතර්ගතකර ඇත. trisodiumphosphateයනු සේදිමට භාවිතා කරනු ලබන රසායනිකයකි.නෙස්ටී සදහා මෙම රසායනිකව භාවිතාකරනු ලබන්නේ තේ කැටිගැසීම වැලක්වීම සදහා හා වඩාත් අලංකාරව අවසන් නිෂ්පාදනය තබා ගැනීමටය.
ලෝකසෙෘඛ්ය සංවිධානය(WHO) පවසන්නේ මෙම trisodiumphosphate රසායනිකය ආහාර සදහා භාවිතා කිරීමෙන් වකුගඩු රෝගය ඇති විමට බලපාන බැවින් එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කල යුතු බවයි.
ලෝක ආහාර හා ඔෘෂධ අධිකාරිය ප්‍රකාශ කරන්නේ(FDA)trisodiumphosphate මිලි ගෑමි 70 කට වඩා දිනකට භාවිතා කිරීම නුසුදුසු බවයි. මෙම රසායනිකය මිනිස් සිරට අහිතකරනමි අප භාවිතා කරන්නේ ඇයි? ද යන්න මෙරට පාරිභෝගිකයා විසින් තිරණය කර යුතු අතර මෙම නිෂ්පාදනය තහනමි කිරීම සදහා බලපෑමි කිරීම වසවිස වළින් තොර ආහාර පිළිබදව හා වකුගඩු රෝගය වැලැක්විමට හඩනගන අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුලු සේමා ආයතනය විසින් කළයුතුය.මෙරට පුරවැසියන් වශයෙන් අප එය බලාපොරොත්තුවන අතර එම සටනට උන්වහන්සේ සහ පිරිවර නොපැමිණියහොත් ජනාධිපතිවරයා මේ පිළිබදව දැනුවත් කිරීමට හා පාරට බැස මහජනයා දැනුවත් කිරීමටද අප සූදානමිය.
Loading...

No comments:

Powered by Blogger.