Lanka Net Gossip

සයිටම් එකට මළමිනී කොහෙන්ද?

Loading...


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මළ සිරුරු ලැබුණේ කෙසේදැයි සැකයක් මතු වන බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසයි.

රහස් පොලීසිය ඊයේ එම විද්‍යාලයට ගොස් වසීම් තාජුඩීන් ඇතුළු 26 දෙනෙකුගේ මළ සිරුරුවල කොටස් සොයාගත් බව කියැවිණ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහා පරීක්ෂණයක් කළ යුතු බව අද එම දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් පසු ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.

මෙරට සුසාන භූමි හා පටක ආඥා පනත අනූව පිළිගත් වෛද්‍ය පීඨයට හැර ‍වෙනත් කිසිදු ආයතනයකට මළසිරුරු දිය නොහැකි බවත්, එසේ තිබියදී සයිටම් ආයතනයට මළ සිරුරු ලැබුණේ කෙසේදැයි සැකයක් මතුවන බවද හෙතෙම කීවේය.

පසුගිය කාලයේදී කොළඹ නගරයේ ඇතැම් යාචකයින් අතුරුදන් වූ බව පැවසුණ බවද සිහිපත් කළ ඒ මහතා සයිටම් ආයතනයට මළ සිරුරු ලැබුණේ කෙසේදැයි එහි හිමිකරු බව කියන නෙවිල් ප්‍රනාන්දු හෙළිදරව් කළ යුතු බවද ප්‍රකාශ කළේය.

මළ මිනී 60ක් එහි ඇතැයි එම පුද්ගලයා විසින් පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයක ගැබ්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
Loading...

No comments:

Powered by Blogger.