මහබැංකුවේ මහ වෙනසක් ගැන රජයේ අවධානය රාජිත සේනාරත්න ඇමතිවරයා කියන අලුත් කතාව බලන්නකො
Loading...
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් පරීක්ෂණ පැවැත්විය යුතුයැයි රාජිත සේනාරත්න ඇමතිවරයා කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල මතවාද ඇති බවත් නැවත එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා මෙම පරීක්ෂණ යොදා ගත යුතු බවත් ඇමතිවරයා කීවේය.
ඔහු එසේ කීවේ මාධ්‍යවේදීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවක දී ය.
බැදුම්කර නිකුත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු ඉහළ නිලධාරීන්ගේ ආචාරධර්ම කඩවීමක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ද මහ බැංකුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද පැවැසේ. මහ බැංකු ආරංචිමාර්ග පවසන අන්දමට බැඳුම්කර නිකුතුව වැනි ඉතා සංවේදී තොරතුරු ජනතාව අතට පත්වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවට මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් අගමැතිවරයාට පැමිණිලි කර තිබේ. අගමැතිවරයා මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සමග ද මූල්‍ය මණ්ඩලය සමග ද සාකච්ඡා කර ඇතැයි ද මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරියකු ලංකාදීපයට කීවේය.
ඒ අනුව ඉදිරිකාලයේ දී මහ බැංකුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවිය හැකි බව ද එම නිලධාරියා පවසයි.
Loading...
No comments: