මුහුණු පොතෙන් මාර පොතක් පෙරලූ අපූරු පෙම්වතා බලන්නකො මෙය මේ කෙල්ලාට කරපු අපරාදේ
Loading...
Facebook නොහොත් මුහුණු පොත නිසා ජීවිතය සාර්ථක කරගත් සහ අසාර්ථක කරගත් බොහෝ අය සිටිති. මේ කතා කරන්නට යන්නේ එලෙස Facebook හරහා තම ජීවිතය නන්නත්තාර කරගත් තවත් එක් තරුණියක් ගැනයි. නම් ගම් පමණක් මනංකල්පිත වන අතර මෙය මෙරට සිදුවූ සත්‍ය සිදුවීමකි.
නයනා රාගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියකි. මනබඳින රූ සපුවක් නොතිබුණත් සුන්දර බවක් ඇය තුළින් දිස් වූවාය. ඇයගේ සිනහව වටකුරු මුහුණට ගෙනාවේ අමුතුම එළියකි. වරලස මඳක් වවා ඇති නයනා උසට සරිලන මහතකින් යුත් තැනැත්තියක් වූවාය.
සරසවි වරම් නොලබාම ඇය පාසල් අධ්‍යාපනය අවසන් කළාය. රැකියා කිහිපයකට ඉල්ලුම්පත් යොමුකළද ඇයට සරිලන රැකියාවක් නොලැබුණේය. සමාජය ගැන ඇයට තිබුණේ අල්ප දැනුමකි. එහෙත් නිතරම ඇය අන්තර්ජාලය භාවිත කළාය. දවසේ වැඩි පැය ගණනක් ඇය ගත කළේ Facebook නොහොත් මුහුණු පොතේය.
නයනාගේ Facebook ගිණුමේ මිතුරියන්ට වඩා සිටියේ මිතුරන්ය. ඒ අතරින් තරුණයෝ බොහොමයක් Facebook හරහා ඇයගේ ආදරය පැතුවෝය. තවත් සමහරු අපූරු යෝජනා පවා ඉදිරිපත් කළෝය. එහෙත් ඇය ඒවා ගැන වැඩි තැකීමක් නොකළාය. කා සමඟත් සුහදව තොරතුරු බෙදා හදා ගත්තාය.
නලීන් නයනාගේ Facebook මිතුරෙකි. ඇය Facebook එකට දමන සෑම පිංතූරයකටම නලීන් කිසියම් සටහනක් තබයි. ඇය එම සටහන් කියවා සියුම් සතුටක් ලබයි. කලක් ගතවෙද්දී දෙන්නා හොඳ යහළුවන් බවට පත්වෙයි. නලීන්ට තිබුණේ ගැහැණු ළමයි වශී කරගන්නා සුළු නෙත් සඟලක් සහ අහිංසක පෙනුමකි.
නයනා තම හොඳම යෙහෙළියන් කිහිප දෙනාටද නලීන් ගැන පවසා තිබුණි. පරාජිත ප්‍රේමයකින් දුක් වින්ද නයනාගේ සිතට නලීන් ගෙන ආවේ සිසිලසකි. සෑම මොහොතකම නලීන් Facebook හරහා නයනාගේ සැපදුක් විමසන අතර ඇය පිළිබඳ හොඳ අධ්‍යයනයක්‌ද කළේය. මේ කිසිවක් නොදත් නයනා නලීන්ව දුටුවේ මිහිපිට සිටින හොඳම මිනිසා ලෙසින්ය.
නලීන්ගේ පෙනුම අහිංසක වුවත් හදවත ඉතා දරුණු විය. ඔහු ආශ්‍රය කළේ කිසිම වැදගම්මකට නැති රස්‌තියාදුකාරයන් පිරිසකි. තරුණියෝ කිහිප දෙනකුම ඔහුගේ පෙම්වතියන් වූහ. නලින්ගේ තාත්තාට එක්‌තරා පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළේය. ඒ පෞද්ගලික ආරවුලක් හේතුවෙනි. එම ඝාතකයා නලීන්ගේ ඔළුවටද පිස්‌තෝලය දික් කරමින් තර්ජනය කළේ පරිස්‌සම් වෙලා ඉන්න කියාය. නලීන් එම ඝාතකයා සමඟ හිටියේ බද්ධ වෛරයකිනි. ලැබෙන පළමු මොහොතේම එම ඝාතකයාව මරා දමන බවට ඔහු කලින් තරයේ සිතා ගත්තේය.
නයනා නලීන්ගේ ඇත්ත ස්‌වරූපය දැනගෙන සිටියේ නැත. ඇය සිතුවේ ඔහු අහිංසක තරුණයකු කියාය. නයනාගේ සිතේ නලීන් ගැන ආදරයක් ඇතිවී තිබුණද ඇය හදිස්‌සි වුණේ නැත. නලීන් එම වචනය අසනකම් ඉවසාගෙන සිටියාය. නලීන්ට උවමනා වූයේ නයනා හරහා තම පියාගේ ඝාතකයා ගැන තොරතුරු සොයා ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය සෑම දෙයක්‌ම නලීන් පියවරෙන් පියවරට සිදු කරගෙන ගියේය. ඊළඟ පියවර වුණේ නයනාගේ ආදරය දිනා ගැනීමයි.
දිනක් නලීන් නයනාගේ ආදරය පැතුවාය. ඒ Facebook හරහාය. එදවස උදාවන තුරු ඇයද බලා සිටියේ නොඉවසිල්ලෙනි. එදින නලීන්ට කෙසේ වෙතත් නයනාට ජීවිතයේ සතුටුම දවස විය. තමා දැන් පෙම්වතියක බව සිතා ඇය සතුටු වූවාය. Facebook පෙම්වතාට ඇය දිවි දෙවැනිකොට ආදරය කළාය.
දෙදෙනාගේ ආදර සම්බන්ධය කිසිම බාධාවකින් තොරව ගලාගෙන ගියේය. අවස්‌ථා කිහිපයකදී ඔවුහු මුණගැසී අසිමිත ලෙස පෙම් සුවය වින්දාහ. දැන් නයනාට නලීන්ගෙන් තොර ලොවක් නොමැත. ඔහු වෙනුවෙන් ජීවිතය පවා දන්දීමට තරම් ඇය නිර්ලෝභී වූවාය.
නලීන් ඊළඟ පියවර සඳහා සූදානම් විය. ඔහු තම පෙම්වතියට පැවසුවේ තරුණයකු සහ තරුණියකගේ නම් දෙකක් දෙන බවත්, Facebook හරහා ඔවුන් සමඟ යහළුවන ලෙසත්ය. නයනා එසේ කරන්නේ කුමකටද කියා ඇසුවේ නැත. ආදරයෙන් අන්ධ වී සිටි ඇය තම පෙම්වතාගේ නියෝගය අනුව කටයුතු කළාය.
වැඩි දිනක් ගතවූයේ නැත. නලීන් කියූ තරුණයාගේ සහ තරුණියගේ හොඳම යහළුවන් බවට ඇය පත්වූවාය. එම තරුණිය Facebook හරහා නයනාට පවුලේ විස්‌තර ආදී සියලු දේ පැවසුවාය. එම තොරතුරු පසුව නලීන්ට ලබාදීමට ඇය කටයුතු කළාය. කිසිදිනක ඇය එසේ තොරතුරු ලබා ගන්නේ කුමන හේතුවක් මතද යන්න නලීන්ගෙන් විමසුවේ නැත.
සියල්ල යහතින් සිදුවන බව දැනගත් නලීන් සිත යටින් සතුටු වූවේය. Facebook පෙම්වතා නිසා තමා අමාරුවේ වැටෙන්නට යන බව නයනා දැන සිටියේ නැත. ඒ කිසි දෙයක් නොදත් ඇය තම පෙම්වතා යහළු වෙන්න කියූ දෙදෙනා ගැන තොරතුරු සොයා නලීන්ට පැවසුවේය. ඒ හරහා නලීන් තම පියාගේ ඝාතකයා පිළිබඳ සියලු තොරතුරු සොයා ගත්තේය. අවසාන පියවර ක්‍රියාත්මක කිරීමටද නලීන් තීරණය කළේය.
දිනයක් පවසා නලීන් තම පෙම්වතියට පැවසුවේ තමා සොයන්න කියූ දෙදෙනා එදින කුමක් කරන්නේද යන්න සොයා බලන ලෙසයි. ඇය තම Facebook යෙහෙළියගෙන් ඒ බව විමසුවාය. එදින ඔවුන් රාගම යන බව ඇය පැවසුවාය. යන එන සියලු තැන්වලට අමතරව නිවසින් පිටවෙන වේලාවද ඇය පැවසුවාය. වෙනදා මෙන්ම සියල්ල නයනා නලීන්ට කීවාය.
අවසන් පියවර ක්‍රියාත්මක කිරීමට නලීන් සැරසුණේය. තම යහළුවන් කිහිප දෙනකුද එයට සහභාගි කරවා ගත්තේය.
තම පියාගේ ඝාතනය කර, තමාට තර්ජනය කළ පුද්ගලයා මරා දැමීමට ඔහු තීරණය කළේය. පෙම්වතිය හරහා ඝාතකයාගේ සියලු තොරතුරු නලීන් දැනගෙන සිටියේය.
රාගම බලා ත්‍රිරෝද රථයකින් තම බිරිඳ සමඟ නලීන්ගේ පියා ඝාතනය කළ පුද්ගලයා යමින් සිටියේය. නලීන් ඇතුළු පිරිස මන්නා පිහි කිහිපයක්‌ද අතැතිව ඔවුන් පසුපස ලුහුබැන්ඳේය. නලීන් සුදුසු ස්‌ථානයක් බලා ත්‍රිරෝද රථය නවත්වා ගත්තේය. ඉන්පසු නලීන් යහළුවන් සමඟ එකතුවී තම හතුරා මැරෙන තුරුම මන්නා පිහිවලින් කොටා පැන ගියේය. නලීන් සිතුවේ සිද්ධිය එතැනින් අවසානයි කියාය.
එම මරණය පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ ඇරැඹුවේය. පසුව එම පොලිස් නිලධාරීන්ට නයනා ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව පරීක්‍ෂණ කිරීමේදී සියලු තොරතුරු පොලිසියට දැන ගැනීමට හැකිවිය. ඇය නොදැනුවත්වම ඝාතනයකට හවුල්වී තිබුණි. වර්තමානය වන විට කාටවත් විශ්වාස කිරීමට බැරි තරම් සමාජය පිරිහී ඇත. එමනිසා විශේෂයෙන්ම තමන් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳ දැඩි අවධානයකින් සිටිය යුතුය. නැතහොත් සිදු වන්නේ නොදැනුවත්වම තමන්ද අමාරුවේ වැටීමකි.
Loading...
No comments: