Lanka Net Gossip

ඉන්දීය සිනමා නළුවන් දෙන්නෙක් ත්‍රාසජනක ජවනිකාවක් අතරතුර ජීවිතක්ෂයට පත්වෙයි මෙන්න බලන්නකො වෙන වැඩේ

Loading...

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරය ආසන්නයේ චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර සිනමා නළුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට 2 Kannada actors dead පත්වෙලා තියෙනවා.  හෙලිකොප්ටරයකින් ජලාශයකට පැනීම එම දර්ශනය වූ අතර, එලෙස දියට පැන ඇති චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගොඩට පිහිනීමට සමත් වුණා.  දුනියා විජේ නමැති කර්ණාටක නළුවා මෙලෙස දිවි ගලවා ගත් නමුදු අනිල් වර්මා සහ රාගව් උදායි නමැති සහයක නළුවන් දෙදෙනාට එලෙස ගොඩබිමට පිහිනීමට හැකි වුනේ නැහැ.  ඔවුන් පිහිනීමට සමත් නොවන අතර, ජීවිතාරක්ෂක කබා පවා රැගෙන ගොස් නොමැති බව පසුව තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ.  මෙහිදී සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
Loading...

No comments:

Powered by Blogger.