Lanka Net Gossip

කොළ‍ඹත් ප්‍ර‍භාකරන්ගේ උපන් දිනය සමරණ පත්තර

Loading...

එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති සංවිධානයකි. එවන් සංවිධානයක නායකයාගේ 62වන උපන් දිනය වෙනුවෙන් මුල් පිටුව වෙන්කළ පුවත්පතක් සිංහල පුවත්පත් අතරේම තබා අළෙවි කිරීමට තබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා. අදාල ඡායාරූපය සමග පලකොට ඇති විස්තරයේ සඳහන් වන්නේ කොටහේන ප්‍රදේශයේ වෙළඳසැලක මෙය අළෙවි කිරීමට තබා තිබූ බවය.
තහනම්කර ඇති සංවිධානයක නායකයකුගේ උපන් දිනය සිහිකිරීම සඳහා ඔහුගේ ඡායාරූපයක්ද පළකරමින් පුවත්පතක් මුද්‍ර‍ණය කර ප්‍ර‍සිද්ධ කිරීම නීති විරෝධි ක්‍රියාවක් බව, www.nethgossip.lk කළ විමසීමකදී ආචාර්ය නීතිඥ ප්‍ර‍තිභා මහානාම හේවා පැවසුවා.
“එල්.ටී.ටී.ඊ සංවිධානය මෙරට තහනම් කළ සංවිධානයක්. මෙරට පමණක් නොවෙයි තවමත් ලෝකයේ රටවල් විසි ගණනක තහනම් සංවිධානයක්. එවන් තහනම් සංවිධානයක නායකයකුගේ උපන්දිනය සමරමින් හෝ එම සංවිධානයේ කිසියම් සැමරුමක් සඳහා පුවත්පත් කටයුතු කරන්නේනම් එය නීති විරෝධි ක්‍රියාවක්. මෙම කටයුත්තට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කළ හැකියි.“
මෙය යහපත් ප්‍ර‍වණතාවයක් නොවන බව පෙන්වා දෙන නීතීඥවරයා පවසන්නේ සංහිඳියා ක්‍රියාවලියක් ක්‍රියාත්මකවන මේ වකවානුවේ ඒ මුවාවෙන් මේ උත්සාහ කරනු ලබන්නේ තහනම් සංවිධානය යළි ඉස්මතුකිරීමේ ක්‍රියාවලියක් වියහැකි බවය.
02
Loading...

No comments:

Powered by Blogger.