හැදූ වැඩූ දුව බලන්න හිතේ සතුටින් යන අතරමඟදී හදවත නැවතුණු හේරත් බණ්ඩා
Loading...
සිය බාල දියණියගේ දුක සැප බැලීම සඳහා බිරිය සමඟ යමින් සිටි 71 හැවිරිදි
තිදරු පියකු ගමන අතරමඟදී මියයෑමේ ශෝකජනක සිද්ධියක් අරණායක සැලව ප්‍රදේශයෙන්
වාර්තා වේ.
ඉකුත් 29 වැනිදා මෙසේ මියගොස් ඇත්තේ අරණායක සැලව බටහිර පදිංචිව සිටි කේ.ජී. අල්විස් නමැත්තෙකි. මේ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්‍ෂණය එගොඩපත තනිපේරුව පත්තුව හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු එම්.ඒ. හේරත් බණ්ඩා මහතා විසින් අරණායක දිසා රෝහලේදී පවත්වන ලදී.
මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් මියගිය අයගේ බිරිය වන ඩබ්ලිව්. පුංචිනා (71) යන අය මෙසේ කීවාය.
මියගොස් සිටින්නේ මගේ සැමියා. ඔහු පසුගිය දවස්වල අසනීප තත්ත්වයෙන් ඉඳලා සුව වුණා. පසුගිය දවස්වල අපේ ගෙදර නාය යෑමේ අවදානමක් තිබුණ නිසා ලොකු පුතාගේ ගෙදර පදිංචියට පැමිණ සිටියා. මේ ඉන්න අතරවාරයේ පොඩි දුවගේ ගෙදර යෑමට සැමියාත් මමත් පිටත් වුණා.
අරණායකින් මාවනැල්ල බස් එකකට නැඟලා ටික දුරක් යන විට සැමියා පපුව රිදෙනවා යැයි කියලා කෙඳිරි ගෑවා. පසුව බස් රියෙන් බස්සවා එතැන තිබුණු ත්‍රිරෝද රථයක නංවාගෙන දිප්පිටිය රෝහලට අරන් ගියා. ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.
මියගිය අයගේ වැඩිමල් පුතා වන කේ.ජී. ජයතිස්ස දියණියක වන මහනුවර කෙංගල්ලේ පදිංචි රසිකා සංජීවනී අල්විස් යන අයද මෙහිදී සාක්‍ෂි දුන් අතර එම සාක්‍ෂිවලට අනුව මෙය බහුවිද අසනීප තත්ත්වයක් නිසා සිදුවූ හදිසි මරණයක් බවට හදිසි මරණ පරීක්‍ෂකවරයා නිගමනය කළේය.
අරණායක පොලිසියේ පොලිස් සැරයන් ධර්මදාස (47395) මහතා විසින් මේ පිළිබඳ පොලිස් පරීක්‍ෂණය පවත්වන ලදී.

No comments: