හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඬේෂන් අත්අඩංගුවට
Loading...
හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඬේෂන් (Thiru Nadesan) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ආන්දෝලනයකට ලක්වූ මල්වානේ ඉඩම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඬේෂන් මහතා අද පෙරවරු 9 ට පමණ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. ඒ බැසිල් රාජපක්ෂ මහතාට ලියාපදිංචි හිමිකරුට අයත් නැතැයි කියූ මල්වානේ ඉඩම සම්බන්ධයෙන් තවදුරටත් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.
අත්අඩංගුවට ගත් තිරු නඬේෂන් මහතා අද දහවල් පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.
2015 ජනවාරි 8 වැනිදා පැවති මැතිවරණයෙන් පැවති රජය පරාජය වීමත් සමග තිරු කුමාර් නඬේෂන්ට අයත්ව තිබූ මෙම ඉඩම වෙනත් පාර්ශවයක් වෙත පවරා ඇති බව ද සඳහන් වුණා.
එසේ පැවරූ පාර්ශවයද අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය වෙන්දේසි කර ලැබෙන මුදල් අදාල නඩුව වෙනුවෙන් යෙදවීමට පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.
එසේ පැවරූ පාර්ශවයද අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය වෙන්දේසි කර ලැබෙන මුදල් අදාල නඩුව වෙනුවෙන් යෙදවීමට පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.
Loading...
No comments: