'මායා' චිත්‍රපටයෙන් මට සිනමාවට අා ෂෙහාරා
Loading...
ෂෙහාරත් සිනමාවට ආවා එහෙනම්?
ඔව්නේ. 'මායා' චිත්‍රපටයෙන් මට සිනමාවට එකතු වෙන්න ලැබුණා.

මායා නිසා ෂෙහාරාටත් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා නේද?
ඔව්. ඇත්තටම ගොඩක් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. මම මායා චිත්‍රපටය රඟපාද්දී හිතුවේ නැහැ මේ වගේ ප්‍රතිචාර ලැබෙයි කියලා. මම හිතුවටත් වඩා මේ චිත්‍රපටය මගේ ජීවිතයට බලපෑමක් වුණා.
මේ සිනමා නිර්මාණයෙදි ඔබ සාර්ථකයි කියල හිතනවද?
ඔව්. මම එහෙම හිතනවා. මම ටචද නචඨඥ එකක් හැදුවා. ඒ හරහා ගොඩක් අය මගේ රංගනය හොඳයි කියලා මාව අගය කළා. එයාලා ඉදිරියටත් මාව නිර්මාණවලින් බලාපොරොත්තු වෙනවා කියලා මට තේරුණා. මගේ පවුලේ අය වුණත් කියන්නේ සිනමාවේ මට හොඳ අනාගතයක් තියෙනවා කියලා.
මේ වගේ ප්‍රතිචාර ලැබෙන්න අවස්ථාව හදපු 'මායා' චිත්‍රපටයට ෂෙහාරාට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ අහම්බයක් විදියට?
ඇත්තටම ඒක අහම්බයක්. මම ගොඩක් කාලයක් ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මට මේ වගේ චාන්ස් එකක් ලැබෙයි කියලා හිතුවේ නැහැ.
හැබැයි පුබුදු නිසා නොහිතූව අවස්ථාවක් ලැබුණා නේද?
ඔව්. මම නිවාඩුවට ලංකාවට ඇවිත් ඉන්නකොට හෘද රෝගීන්ට ආධාර එකතු කරන පාගමනකට සම්බන්ධ වුණා. එතැනදි තමයි මට පුබුදුව මුණ ගැහුණේ. එදා මම ඒ පාගමනට යන්නත් නෙවෙයි හිටියේ. ඒත් මම වෙලාවට ඒ පාගමනට ගියා.
ඒ වෙනකොට ෂයිනිගේ චරිතයට කෙනෙක්ව හොයමින් ඉඳලා තිබුණේ. පුබුදු මගෙන් ඒ චරිතය කරන්න කැමැතිද අහලා මාව ඩොනල්ඩ් අයියට හඳුන්වලා දුන්නා.
ආරාධනා කරපු ගමන් ඒ ආරාධනාව භාර ගත්තේ රංගනයට එන්න කැමැත්තක් තිබුණ නිසා වෙන්න ඇතිනේ?
මම පාසල් යන කාලේ ඕස්ට්‍රේලියාවෙදි ඩ්‍රාමා ක්ලාස් ගිහින් තියෙනවා. රංගනයට කැමැත්තක් තිබුණට මෙච්චර ලොකු අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. ලැබෙන චාන්ස් එකට පයින් ගහන්න හොඳ නෑ කියලා හිතුණා. ඒ නිසයි ලැබුණ චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ.
'මායා' ප්‍රේක්‍ෂකයෝ අතරට එන්නත් කලින් ෂෙහාරා තවත් නිර්මාණවලට දායක වුණානේ?
ඔව්. මම සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශ්නාවි සහ මොහාන් නියාස් මහත්මයාගේ 'මායාවි' චිත්‍රපටයට සම්බන්ධ වුණා. නිවාඩුවට ආපු වෙලාවේ තමයි ඒ නිර්මාණවලට සම්බන්ධ වුණේ.
එහෙනම් දැන් ෂෙහාරා දිගටම රඟපායි නේද?
හොඳ පිටපතක් ලැබුණොත් ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
ෂෙහාරට ජනප්‍රිය නිළි හීනයද හොඳම නිළි හීනයද තියෙන්නේ?
මම කැමැති හොඳම නිළිය කියන තැනට යන්න.
හොඳ ගමනක් යන පාඩම කියලා දුන්නේ පුබුදුද?
පුබුදු මට ගොඩක් දේවල් කියලා දුන්නා. හැබැයි මේ පාඩම ඉගෙන ගත්තේ මමමයි.
පුබුදු ලොකු සීන් දාන නළුවෙක් කියලා සමහර නවක නිළියෝ චෝදනා කරනවා. ෂෙහාරට පුබුදු ගැන මොකද හිතුණේ?
අනේ පුබුදු එහෙම ලොකු සීන් දාන කෙනෙක් නෙවෙයි. එයා පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්. එයා කියන කතාවල එයා අපිට කියලා දෙන දේවල්වල ඇත්තක් තියෙනවා. ඒවා පිළිපදිනවද නැද්ද කියන එක අපේ අතේ තියෙන්නේ.
සිනමාවේ පළමුවැනි පෙම්වතා පුබුදු. සැබෑ ජීවිතෙත් ෂෙහාරට පෙම්වතෙක් ඇතිනේ.
සැබෑ ජීවිතේ නම් පෙම්වතෙක් නැහැ.
ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් ආදර යෝජනා ආවෙත් නැද්ද?
තවම නම් එහෙම ආදර යෝජනා ආවේ නැහැ. මං හිතන්නේ ආදර යෝජනා ගේන්නේ නැත්තේ ඒ අය මට බය නිසා වෙන්න ඇති. ඒ මම එකට වැඩ කරපු හැමෝම මට යාළුවෙක් විදියට සැලකුවේ.
නළුවෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් අකැමැත්තක් නැති පාටයි?
මනුස්සයා හොඳ නම්, ඒ කෙනා මට ගැළපෙනවා නම් මට එච්චරයි. එයා වැඩ කරන ක්‍ෂේත්‍රය මට අදාළ නැහැ.
මායා චිත්‍රපටයේදී ඔබේ නම භාවිත වෙන්නේ ෂෙහාරා හේවදේවගේ කියලා. හැබැයි ෂෙහාරාගේ ඇත්ත නම වෙන එකක්. මොකක්ද මේ නම් හුට පටේ?
මගේ නම ෂෙහාරා ෆ්‍රැන්සිස්කස්. මේ නම කියාගන්න අමාරු නිසා ලංකාවට ගැළපෙන නමක් විදියට තමයි හේවදේවගේ නම පාවිච්චි කළේ. හැබැයි දැන් ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් වගේ අය ලංකාවෙන් බිහිවුණානේ. ඒ නිසා මගේ ඇත්ත නම පාවිච්චි නොකර වෙන නමක් පාවිච්චි කරන්න අවශ්‍ය නෑ කියලා ගොඩක් අය කිව්වා. මගේ අනන්‍යතාව වෙනස් කරගන්න ඕන නැති නිසා දැන් මගේ ඇත්ත නමම මම පාවිච්චි කරනවා.
රංගනය කියන්නේ ෂෙහාරගේ වෘත්තිය නෙවෙයි නේද?
නැහැ. මම වෘත්තියෙන් ෂිපින් ෆීල්ඩ් එකට සම්බන්ධව වැඩ කරන්නේ. රංගනය කළේ විනෝදාංශයක් විදියට.
වෘත්තීමය කටයුතු එක්ක රංගන කටයුතු කරන්න අපහසුවක් නැද්ද?
දැනට මම වැඩ ගොඩක් කළේ නැහැ. රංගන කටයුතු වුණත් තෝර බේරා ගෙන කරන්න මම කැමැතියි. මම හිතනවා හැමදේම සමබර කරගෙන මට රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අෂාන් ගමගේ
ඡායාරූප - අෂාන් ගමගේ
Loading...
No comments: