Lanka Net Gossip

කොටියාට වම් ඇස දී කොළඹ පැමිණි ‘ආබාධිත සොල්දාදුවගේ’ දකුණු ඇසට කඳුළු ගෑස් උණ්ඩයෙන් වෙච්ච දේ බලන්නකො හැමොටම බලන්න share කරන්න

Loading...

යුද ක්‍රියාන්විතයේ දී වම්පස ඇසෙහි පෙනීම දුර්වල වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 9 වන ගැමුණු හේවා බළඇණියේ විශ්‍රාමික ආබාධිත ලාන්ස් කෝප්‍රල් නිශාන්ත මහීරාජ්ට කොටුවේදී කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාරයක් පසුගිය දා එල්ල වුණා.
ඒ ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂනයත් සමගයි.
එහිදී පෙනීම හොඳට තිබූ දකුණපස ඇසට බරපතළ තුවාල සිදු වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ රණවිරුවාට අක්ෂි සැත්කමක් සිදු කළ බව ජාතික අක්ෂි රෝහ‍ලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
එම සැත්කම සාර්ථකව සිදු කළ බවත්,දින කීපයකට පසුව එම ඇසෙහි පෙනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැකි බවත් ඇය සඳහන් කර තිබෙනවා.
මේ වන විට නිශාන්ත මහිරාජ් කොළඹ අක්ෂි රෝහ‍ලේ 12 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන නිශාන්ත මහීරාජ් යුද ගැටුම්වලදී එල්ටීටීඊය එල්ල කළ මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලබා ආබාධ තත්ත්වයට පත්වුණා.
Loading...

No comments:

Powered by Blogger.